තෙවරප්පෙරුමට හදිසි හදවත් සැත්කමක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

තෙවරප්පෙරුමට හදිසි හදවත් සැත්කමක් (PHOTOS)

තෙවරප්පෙරුමට හදිසි හදවත් සැත්කමක් (PHOTOS)
පසුගියදා කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරුණු අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට ඊයේ (08) හදිසි හදවත් සැත්කමක් සිදුකර තිබේ.

ඊයේ සවස මතුගම ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මෙම සැත්කම සිදුකොට ඇති බව වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලක දී මෙම සැත්කම සිදුකර ඇති අතර ඒ බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූප සමඟ ද සටහන් කොට තිබේ.

ඡායාරූප පහතින්...
01
02
03
04

No comments:

Post a Comment

Post Bottom Ad