මාධ්‍යයට තමා මෙන්ම ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, ආණ්ඩුව පෙරළාදැමීම සඳහා ව්‍යාජ පුවත් මවා පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ මහනුවර පැවති එජාප සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි. ආණ්ඩුව සහ තමා විවේචනය කිරීම ගැටළුවක් නැති නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනපති ප්රමුඛ ආණ්ඩුව කඩා දැමීමට ඉඩ නොදෙන බවත්, ඊට සම්බන්ධ මාධ්‍ය ආයතනවල අය තමන් ළඟදීම කැඳවන බවත් අවධාරණය කළේය.
එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය..
“විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය මේ ගොල්ලොත් බලන්නේ දැන් හොඳයි ආපසු එන්න මේ ගොල්ලොත් එක්ක එකට කෑවනේ. සල්ලි ගත්තනේ. දැන් එකින් එක්කෙනා නම් කරන්න යනවා ඊලඟ දවස් කිහිපයේදී. මං දැක්කා සඳුදා ඩේලිමිරර් පත්තරෙන් කියනවා මංගල සමරවීර ඇමතිතුමා අයින් කරන්න කියලා.
ඒ ඩේලිමිරර් කනෘ ඒ කාලේ මටත් අයින් වෙන්න කියලා. දැන් මං හිතන්නේ එයත් අයින් වෙන්නේ නැත්නම් අපිට බලන්න වෙයි මොකක්ද කරන්නේ කියලා. අපිට අැමතිවරුන්ට යන්න කියනවානම් ඊට ඉස්සෙල්ලා මුන්ට හොද පාඩමක් උගන්වමු. සෙල්ලං කරන්න එපා මේ ආණ්ඩුව එක්ක.“
"හරි අමාරුවක් තියෙන්නේ ඒ මන්දිරයේ ගිහින් පිනට කෑවේ
මම පිනට කෑම දෙන්නෙත් නෑ ආරාධනා කරන්නෙත් නෑ" යැයි අගමැතිවරයා පැවසී ය. ඒදා ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය අද චීනය සමග සාකච්ඡා කර නැව් පුරවන වරායක් කරන බවත්, හම්බන්තොට කර්මාන්ත ශාලා 15,000ක් ආරම්භ කරන බවත්, අගමැතිවරයා එහිදී පැවසීය.
තමාට අවශ්‍ය කෘෂිකර්මාන්තය දියුණු කිරීම බවද, අධිවේගි මාර්ග ව්‍යාපෘතිය දියුණු වූ පසු කර්මාන්ත ශාලා විවිධ ප්‍රදේශවල ඇති වන බවද, තවත් ලක්ෂයකට සින්නක්කර ඔප්පු දෙන බවද, තට්ටු නිවාසවල අයිති දෙන බවද, වෙස්සන්තර රජු මෙන් සියල්ල දෙන බවද ඒ ගොල්ලෝ සියල්ල ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ ආණ්ඩුවට එරෙහිව 28 වැනිදා පාරට බහින අයගෙන් තමන් අහන්නේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන තීරණ 3ක් කියන්න යැයිද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment