හැටන්, නෝටර්බ්‍රිජ් - ලොනැක් වතුයායේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (08) රාත්‍රීයේ එම වතුයායේ නිවාස දෙකක පදිංචි පුද්ගලයින් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.
එහිදී පුද්ගලයෙක් විසින් එල්ල කරන ලද පොලූ පහරක් හිසට වැදීමෙන් බරපතල තුවාල ලබා තුවාල ලැබූ අදාළ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි දෙදරු මවකි.
මිය ගිය කාන්තාවගේ සැමියා සහ පුත්‍රයා ද ගැටුමෙන් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නාවලපිටිය රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය සඳහන් කළේය. ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඡායාරූප පහතින්...

හැටන් - රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment