මහනුවර - කොළඹ මහා මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ අසල පිහිටි නිවාස සහ වෙළඳසැල් කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එහි පදිංචිකරුවන් අද (08) දහවල් ප්රධාන මාර්ගය අසල සිට විරෝධතාවයක නිරත විය.
සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ අරමුණින් කඩුගන්නාව නගර සභාව විසින් මෙම ඉදිකිරීම් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන්ට ඉන් ඉවත් වන ලෙස නගර සභාව මගින් ලිඛිතව දැනුම් දීමක් කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විරෝධතාකරුවන් කියාසිටින්නේ, ජූලි 08 වන දින වනවිට තමන්ට ඉවත් වන ලෙස දැනුම් දී තිබුණ ද වසර 50ක පමණ කාලයක් තමන් රැදී සිටි ස්ථානය වෙනුවට විකල්ප ස්ථානයක් ලබාදීම පිළිබඳව බලධාරීන් අවධානය යොමුකර නොමැති බවයි.
අද දහවල් ඒ සම්බන්ධව විරෝධය පළ කරමින් ඔවුන් කැප්ටන් ඩෝසන් කුළුණ අසල වන කොළඹ - මහනුවර මාර්ගය අසලටවිත් ටයර් පුළුස්සා දමමින් උද්ඝෝෂණයේ නිරත වී ඇත.
ඡායාරූප පහතින්...

මහනුවර - කමල් සුරවීර
No comments:
Post a Comment