මිනිස්සු බදු වලින් ලොකු දුකක් ලබන කාලෙක ඇමතිවරුන්ගේ සැප වාහන ජපානයෙන් ලංකාවට (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

මිනිස්සු බදු වලින් ලොකු දුකක් ලබන කාලෙක ඇමතිවරුන්ගේ සැප වාහන ජපානයෙන් ලංකාවට (Photos)


මම මේ කියන්න යන දේ ෆේස්බුක් එකේ තිබුණ දෙයක්. කාටවත් ඒක නෑ කියන්න බෑ. ඒක ඇත්තක්. මතකනේ ඇමතිවරුන්ට වාහන ගෙන්නන හදනවා කියලා පහුගිය ටිකේ කතා වුණා. ඒක නිකං කතාවක් නෙමේනේ. මොකද රජයෙන් ඒ සල්ලි වලට වියදම් කරන නිසා. ඇත්තටම ඔන්න එයාලට වාහන ගෙනල්ලා. 

ජපානේ ඉඳලා එයාලගේ වාහන ලංකාවට ගොඩ බැහැලා. දැන් ඉතිං දෙයියනේ කියලා ඇමතිවරුන්ට සැප වාහනවල සැපට යන්න පුළුවන්. ඇත්තටම දුකයි මගේ රට ගැන. මොකද දන්නවද දුප්පත් අහිංසක අපේ මිනිස්සු ලොකු දුකක් විදිනවා ලොකු අරගලයක් දෙනවා නොමැරී ජිවත් වෙන්න. ඒක A/C වාහනවල සැපට යන ඇමතිවරුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ. 

මේ රජය හොඳයි යම් වැඩක් කරගෙන යනවා ඒත් මේ වාහන වැඩේ කැතයි. බදු ගැහුවා මිනිස්සු කැමතිම වාහනවලට සමහර වාහනවල බදු අඩු වුණා නම් තමා . ඒ වුණාට ඒවා මිනිස්සු වැඩියෙන්ම ගන්න ඒවාද කියලා දන්නෝ දනිති. ණය බර නැති කරගන්න දීර්ඝ සැලසුමක් සඳහා ඉදිරියට යන ආකල්ප කියලා ටීවී එකේ ඇඩ් දැම්මට වැඩක් නෑ මොකද තාවකාලිකව හරි දුක් විදින්නේ සුපුරුදු අහිංසක ජනතාව.

බදු බර නිසා හිර වෙලා ඉන්න මිනිස්සු කොච්චර නම් ඉවසන්න. රාජපක්ෂවරුත් කරලා තියෙන්නේ මිනිස්සු ණය කාරයෝ කරපු ඒක දැන් කට්ටිය කරන්නෙත් ඒකමද මන්දා. රජය කියන විදියට අපි ගෙවන්නේ අමාරු කාලයක් නම් මිනිස්සුන්ට එකෙන් දුකක් විදින්න වෙනවා නම් ඇමතිවරු ඇයි අලුත් වාහන. එයාලට පුළුවන්නේ ඒ වාහන ගන්න වෙන්කරපු සල්ලි මේ ණය බර නිදහස් කරගන්න ආයෝජනය කරන්න. 


අමාරු කාලය නිසා එයාලට බැරිද තියෙන වාහන වලින් එහෙට මෙහෙට යන්න. මිනිස්සු තියෙන මුදල් වලින් ජීවිතය ගැට ගහ ගන්නවා නම් ඇයි ඇමතිවරුන්ට බැරි තියෙන විදියට වාහන වලින් වැඩ ටික කරගන්න. මේක අසාධාරණයි. මේ වාහන අපරාධයක් මුදල් නාස්ති කිරීමක්. ඇත්තටම රට ගැන හිතනවා නම් කවුරු හරි. පව් මගේ රට මම ආදරෙයි මගේ රටට. අහිංසක අපි කොහොම හරි ජිවත් වෙමු.





No comments:

Post a Comment

Post Bottom Ad