හම්බන්තොට රිදියගම ඉදිවු සෆාරි උද්‍යානයේ සිටින සිංහ ජෝඩුවකට පසුගිය 12 වැනිදා සිංහ පැටවෙකු ලැබී තිබෙනවා. මහජන චින සමුහආණ්ඩුවෙන් මෙරටට ලැබුණු වයස අවුරුදු 03 වන සූලා නම් සිංහයාටත් ,දකුණු කොරියාවෙන් මෙරටට ලැබුණු වයස අවුරුදු 05ක් වන සහරා නම් සිංහ ධේනුවකටත් දාව මෙම පිංහ පැටවා ලැබී තිබුණා.
එලෙස උපත ලබා ඇත්තේ පිරිමි සිංහ පැටවෙකි. එම පැටවා රිදියගම සෆාරි උද්‍යානය තුළ බිහි වු ප්‍රථම සිහ පැටවා වන අතර පැටවා උපන් අවස්ථාවේ සිට මව කිරිදිම ප්‍රතික්ෂේප කල නිසා පැටවා ආරක්ෂිතව මවගෙන් වෙන් කරගෙන දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පැටවුන් ඇතිදැඩි කිරීමේ ඒකකයට යවා තිබෙනවා.
මෙම සිංහ පැටියා නිරෝගී සුවයෙන් පසුවෙන බවත්,මාස තුනකින් පමණ පසු මාංශ ආහාරයට පුරුදු කිරීමෙන් පසු නැවත රිදියගම සෆාරි උද්‍යානයේ සිහ රංචුව වෙත එකතු කිරිමට සැළසුම් කර ඇති බවත් වාර්තා වනවා.
Sunday, July 24, 2016
සහරාටත් සුලාටත් ලැබුණු අලුත් සිංහ සාමාජිකයාට වෙන්න යන දේ - Photos
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment