දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 43ක වංචාවක්වක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා ගොනු කළ ඇප ප්‍රතිශෝධන අයදුම්පතේ වගඋත්තරකරුවන්ට ලබන අගෝස්තු 01 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස් මොරායස් මහතා අද (26) නියෝග කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීහු සහ නීතිපති එහි වගඋත්තරකරුවෝ වෙති. ඒ අනුව ලබන 01වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට හා එෆ්.සී.අයි.ඩීයේ ස්ථානාධිපතිවරයාට අද නොතීසි නිකුත් කර ඇත.
තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අගෝස්තු මස 01 වැනි දින විභාගයට ගැනීමටද කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. පොදු දේපළ පනත යටතේ පසුගියදා අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

No comments:
Post a Comment