ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (25) රාත්‍රියේදී පැවැත්වූ සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට දොස් පැවරූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අද (26) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වසර පහක් දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරන බවට මහලේකම්වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණද එය පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් විමසා ගත් තීරණයක් නොවන බැවින් ඒ පිළිබඳවද ජනාධිපතිවරයාගෙන් විමසූ විට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොටුව දුම්රියපළ අසල රැඳී සිටින ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්නය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන් පසුව ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ආරක්ෂක ලේකම්වරයාට කතා කර තොරතුරු විමසූ බව ද හෙතෙම පැවසී ය.

No comments:
Post a Comment