ඊයේ (26) දිනයේ සිට තමන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයින් උද්ඝෝෂණයක නිරතව සිටින අතර ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවු බව සඳහන් කරන ආරක්ෂක අමාත්‍යාංශය කියාසිටින්නේ එහිදී මේ සම්බන්ධයෙන් තීරණ රැසක් ගත් බවයි.
ඒ අනුව යුධ හමුදා සේවයේ වසර 10ක් සම්පූර්ණ කර නොමැති නිලධාරීන්, සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිලයන් සහ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පොලිස් නිලධාරීන් 130 දෙනෙකු සඳහා ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන් හට පිරිනැමෙන විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට තීරණය වී තිබේ.
කෙසේවෙතත් දැනට තිබෙන නීතිය යටතේ ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට නොහැකි බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති අතර ඒ අනුව ඔවුන්ට අදාළ විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් හඳුනාගෙන කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.
ක්‍රියාන්විත රාජකාරියේ දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව හමුදා සේවයෙන් ඉවත්ව යන රණවිරුවන්ට වසර 55 සම්පූර්ණවීමෙන් පසු මියයන තෙක්ම වැටුප් හා දීමනා ලබාදීමට ද මෙහිදී තීරණය වී ඇති බව ද සඳහන් වේ.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව පසුව දුබලතාව සියයට 50 දක්වා අඩුවීම හේතුවෙන් ප්‍රතිලාභ නොලබා අදාළ සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගොස් සිටින හෝ හමුදා සේවයෙන් ඉවත්ව සිටින පුද්ගලයින්ට හිඟ වැටුප් ගෙවීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වු බවයි.
No comments:
Post a Comment