ජර්මනියේ සංගීත සංදර්ශනයක් ආසන්නයේදී සිරියානු සංක්‍රමණිකයෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීම නිසා පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා, ප්‍රහාරකයාද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
දකුණුදිග අන්ස්බැච් නගරයේ පැවති සංගීත සංදර්ශනයක් වෙත 27 හැවිරිදි මෙම ප්‍රහාරකයා ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබී නොමැති බවද පැවසේ. කෙසේ වෙතත්, පසුව මොහු ඊට ආසන්න ජනයාගෙන් පිරී ගිය අවන්හලක් ඉදිරියේදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම බෝම්බ පිපිරීමත් සමග එම ප්‍රසංගයට සහභාගී වූ පුද්ගලයන් 2,500ක් පමණ එරට ආරක්ෂක අංශ මගින් ඉවත් කර තිබුණි. ජර්මනියේ බාවේරියා දිස්රත්රික්කය තුළ සතියක් තුළ එල්ල වූ තුන්වැනි ප්‍රහාරය ලෙස මෙය ලෙස විදෙස් මාධඨ්ය වැඩි දුරටත් පෙන්වා දෙයි…
Monday, July 25, 2016
ජර්මනියේ සංගීත සංදර්ශනයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්…
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment