ලබන 28 වැනිදා මහනුවරින් අරඹන ජනසටන පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පනස් දෙදෙනාම රට පුරා ගොස් කළ සම්මන්ත්‍රණ හා සාකච්ඡාවලට අති විශාල පිරිස් සහභාගිවීමෙන් පාද යාත්‍රාව ආණ්ඩුවට බලවත් අභියෝගයක් වනු ඇතැයි පාද යාත්‍රාව සංවිධානය කිරීමේ කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
දළදා වහන්සේ වැඳ පුදාගෙන ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව ලබන 28 වැනිදා පෙරවරුවේ මහනුවරින් කොළඹ බලා එන පාද යාත්‍රාව ආරම්භ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා එහි මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙනි.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ ආසනවලින් 50 දෙනකු බැගින් දෙදහස් පන්සීයක පමණ භට හමුදාවක් පාද යාත්‍රාව ආරම්භයේ සිට අවසානය දක්වාම ගමන් කරනු ඇත. භික්‍ෂුන් වහන්සේ, කතෝලික, හින්දු, මුස්ලිම් ආගමික නායකයෝද පාද යාත්‍රාව ආරම්භ කරන අවස්ථාවට සහභාගි වෙති.
දින හතරක් තිස්සේ එන පාගමන අගෝස්තු 1 වැනිදා දහවල් කොළඹට ළඟාවීමට නියමිතය. එදින සවස කොළඹ හයිඩ් පිටියේදී ජන රැලියක් පැවැත්වෙන අතර මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ජනරැලිය ඇමතීමට නියමිතය. පාද යාත්‍රාව කොළඹට සේන්දු වන අගෝස්තු 01 වැනිදා කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් විශාල පිරිසක් රැලියට සහභාගිවීමට පැමිණෙන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Monday, July 25, 2016
ඒකාබද්ධ ජනසටනට සියල්ල සුදානම් – කොළඹ හයිඩ් පිටියේදී ජන රැලියක්…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment