ඔවුන් කියාසිටින්නේ පසුගියදා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උක්කුරල් මහා විද්‍යාලයේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් සොයාබැලීමට ගිය ග්‍රාම නිලධාරිවරයෙකු වෙරුගල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ පොලිසිය විසින් අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අදාළ ග්‍රාම නිලධාරීවරයා එහිදී අධිකරණයට භාර වී ඇති බවත්ය.
ඉන්පසු කරුණු සලකා බැලූ අධිකරණය ග්‍රාම නිලධාරීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.
No comments:
Post a Comment