ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීම සඳහා කලාපයක් හෝ දිනයක් වෙන් කර දී නොමැති බවත් ඔවුන් මෙරට මුහුදු සීමාවට ඇතුල්වීම නීති විරෝධි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ගන්නා විසඳුම් කවරේදැයි යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ, ඉන්දු, ශ්‍රී ලංකා ධීවර ගැටළුවට මේ වසර තුළදීම විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා සාකච්ඡා සිදු කරන බවත් සාර්ථක විසඳුමක් සොයාගැනීමට කටයුතු කරන බවත් ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, " ඉන්දීය ධීවර බෝට්ටු නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ කටයුතුවල යෙදෙනවා. බොටම් ට්‍රෝලින් ක්‍රමය නිසා මුහුදේ සියලු ජීවින් හා සම්පත් විනාශ වෙනවා. ජෛව විවිධත්වයට හානි වෙනවා. ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.
බොටම් ට්‍රෝලින් ක්‍රමයට ඉඩ දෙන්නේ නෑ. ඒ සඳහා ගන්නා පියවර පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. ධීවර කටයුතුවලට කලාපයක් හෝ දින ලබාදීම සම්බන්ධයෙන් තවමත් ස්ථීර නිගමයකට පැමිණ නෑ. උතුරේ ධීවරයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. බොටම් ට්‍රෝලින් ක්‍රමය දියත් කරන්නේ නෑ.
මේ වසර අවසන්වීමට පෙර මෙයට විසඳුමක් ලබා දිය යුතුයි. විවිධ යෝජනා අඳහස් තිබෙනවා. උතුරේ ධීවර ජනතාව එකඟ වෙන්නත් අවශ්‍යයි. මේ වසර තුළ ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නවා. සාකච්ඡා කර සාර්ථක විසඳුමක් සොයාගැනීමට හැකිවෙනවා" යි ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment