ගාල්ලේ විදුහල්පතිනියකට නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 7, 2016

ගාල්ලේ විදුහල්පතිනියකට නොතීසි

ගාල්ලේ විදුහල්පතිනියකට නොතීසි
ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරියක් විසින් තවත් සිසුවියන් තිදෙනකු ලවා ටොකු ඇන්වීයැයි චෝදනා ලැබ සිටින විදුහල්පතිනියකට ගාල්ල මහේස්‍ෙත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව එම විදුහල්පතිනියට ලබන 14 වැනි දා උසාවිය ඉදිරියේ පෙනී සිටින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නොතීසි නිකුත් කර තිබේ. අදාළ පාසල් සිසුවිය දිගින් දිගටම පීඩනයට ලක්වන බවට නීතිඥවරයකු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad