වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හෝටල් කාමරයකින් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 8, 2016

වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හෝටල් කාමරයකින් හමුවේ

වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හෝටල් කාමරයකින් හමුවේ
සැකකටයුතු ලෙස මියගිය ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුගේ සිරුරක් අද (08) දින ගම්පහ හෝටල් කාමරයක තිබී හමු වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ බණ්ඩාරනායකපුර පදිංචි එම්.එම්.කුලතිලක නමැත්තෙකි. ගම්පහ කිරිදිවිට ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක තිබී මෙම වෛද්‍යවරයාගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මොහු ඊයේ (07) රාත්‍රියේ හෝටලේ නතර වී සිටි බව හෝටල් සේවකයින් පොලිසියට ප්‍රකාශ කර ඇති අතර එම කාමරයේ තිබි එන්නත් බෙහෙත් කුප්පි 04ක් ද හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad