කැබිලිත්ත භූමියේ අයිතිය ගැන ඇමති ගාමිණීගෙන් හෙළිදරව්වක්!  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 8, 2016

කැබිලිත්ත භූමියේ අයිතිය ගැන ඇමති ගාමිණීගෙන් හෙළිදරව්වක්! 

කැබිලිත්ත භූමියේ අයිතිය ගැන ඇමති ගාමිණීගෙන් හෙළිදරව්වක්! 
කතරගම, කැබිලිත්ත භූමිය කිසිවෙකුට අයිති භූමියක් නොවන බවත් එය වනජීවී භූමියක් බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය,

“හිතුවක්කාරී ලෙස, දේශපාලනික ලෙස වනජීවී ඉඩම්වල පදිංචි කරලා. සමීක්ෂණ කරනවා, සාධාරණීය ලෙස ඉවත් කිරීමට අවශ්‍ය ඇගයීම කරනවා. සතුන් වස දී ඝාතනය කරනවා. කැබිනට් මණ්ඩලය අනුමත කළා අලි මංකඩ අරින්න කියලා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික රක්ෂිත තුළ පිහිටි දැඩි ස්වාභාවික රක්ෂිත, ජාතික උද්‍යාන, ස්වාභාවික රක්ෂිත, අලි මංකඩ, ඉඩම් රජයේ ඉඩම් වන අතර ඒවා තුළ නිවාස, සංචාරක කර්මාන්තයට අදාළ හෝටල හෝ වෙනත් ඉදිකිරීම්, සඳහා අවසර නෑ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති අභය භූමි තුළ රජයේ පෞද්ගලික ඉඩම් තිබිය හැකි. පෞද්ගලික ඉඩම්වල විධිමත් පාරිසරික ඇගයීමක් කර සංවර්ධන කටයුතු පිළිබඳ සළකා බලනු ලබයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ කර ඇති ජාතික රක්ෂිත තුළ වෙනත් කිසිදු ආකාරයේ ඉදිකිරීමකට අවසර නොලැබේ.“

කැබිලිත්ත පූජා භූමිය සම්බන්ධයෙන් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ “කැබිලිත්ත භූමිය කාටවත් අයිති භූමියක් නොවේ, වනජීවී භූමියක්. කිසිවෙකුට අයිතියක් නෑ.මේ භූමියේ කිසිම ගොඩනැගිල්ලක් ගහන්න දෙන්න බෑ.මේ සම්බන්ධව සොයා බලන්න නිලධාරීන් වහාම පිටත් කළා.සියල්ල ඉවත් කරන්න කිව්වා.දැන් ක්‍රියාත්මක වෙනවා“ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad