එකම පවුලේ මව, ඇගේ පියා සහ අවුරුදු එකහමාරක් වුණු පුංචි දියණියක් තියුණු ආයුධයකින පහරදී ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිද්ධියක් ගැන වෙල්ලාවලි පැත්තෙන් අහන්න ලැබුණා. ඊයේ පාන්දර 1.00 ට විතර මේ සිද්ධිය වෙලා තියෙනවා කියලයි පොලිස් තොරතුරු වාර්තා කළේ.
අවුරුදු 24 ක් වුණු පේරින්බන් විජිතා වගේම 56 හැවිරිදි කන්දයියා පේරින්බන් වන ඇගේ පියා සහ ප්‍රශාන්තන් ශස්මිකා දියණිය ඒ විදිහට ජීවිතෙන් අකාලේ සමුගෙන තිබුණා. පවුල් ආරවුලක් නිසා විජිතගේ සැමියා විසින් මේ සාහසික ඝාතනය සිදුකරලා කියලයි විමර්ශනවලින් හෙළිවෙලා තියෙන්නේ.
කාලයක් විදේශගතව සිට ඇති සැකකරු වෙල්ලාවලි ගමට ඇවිත් තමන්ගේ බිරිඳ එක්ක කතාකරලා තියෙනවා කියලත් වාර්තා වනවා. ඒ කොහොම වුණත් ඔවුන් දෙදෙනා කාලයක ඉඳන් වෛරයෙන් සිට ඇති බවත් පොලිසිය කියනවා. කාන්තාවගේ සහ පුංචි දියණියගේ සිරුරු නිවස අසල තිබුණු ළිඳකින් හොයාගන්න පොලිසියට පුළුවන්වුණා.
මියගිය කාන්තාවගේ පියා රෝහල් ගතකිරීමෙන් පස්සේ ජීවිතෙන් සමුඅරන්. සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
Monday, July 25, 2016
පුංචි දියණිය ඇතුළු පවුලේ දෙදෙනෙකු පාපතර තාත්තාගේ අතින් මෙලොව හැර යයි - වීඩියෝ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment