තමා ඇඟපතෙන් දේශපාලනය කරන කෙනෙකු නොව මහජනතාව සමග දේශපාලනය කරන කෙනෙකු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පෙරේදා තමා ඇඟපතින් දේශපාලනය කරන්නෙකු බවට ප්‍රකාශයක් කර තිබුණද එය එසේ නොවන බව ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී තෙවරප්පෙරුම මහතා පැවසී ය.
මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට දරුවන් ඇතුළත් කිරීමට අදාළ ප්‍රශ්නය තමන් රංජිත් සෝමවංශ මහතා ළඟට ගෙන නොගියේ ඔහු සමග සාකච්ඡාවක් නැති නිසාත්, අතපය කඩන්නට සිදුවිය හැකි නිසාත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දරුවන්ට පාසලක් ලබාදීම වෙනුවෙන් උපවාසයට තමන් වාඩිවීමට ප්‍රථම මෙම ප්‍රශ්නය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට,අධ්‍යාපන අමාත්‍ය ඇතුළු වගකිව යුතු සියලුම දෙනා වෙත රැගෙන ගිය බවත්,මානව හිමිකම් කොමිසමට පැමිණිලි 9ක් ඉදිරිපත් කර ඇති බවත් තෙවරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
මතුගම පොලීසියටද සිදුවන මෙම අසාධාරණය ගැන පැමිණිලි කර තිබුණු බවත්, උපවාසය පවත්වන අතරතුරේ මව්පියන් 5 දෙනෙකු හා දරුවන් 5දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට පවා යැවූ බවත් හෙතෙම අවධාරණය කළේය. එබැවින් තමන් උපවාසයට වාඩිවූයේ මහජනතාවගේ සැබෑ ප්‍රශ්නය,දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අන් කළ හැකි යමක් නොවුණු තැන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment