ලක්ෂ 38ක හෙරොයින් සමඟ සිසුන් 2ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

ලක්ෂ 38ක හෙරොයින් සමඟ සිසුන් 2ක් අත්අඩංගුවට

ලක්ෂ 38ක හෙරොයින් සමඟ සිසුන් 2ක් අත්අඩංගුවට
අද (09) උදෑසන මත්ද්‍රව්‍ය කාර්යංශය කළ වැටලීමකින් හෙරොයින් ළඟ තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු දෙහිවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ළඟ තිබී රුපියල් 38 ලක්ෂයකටත් වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් ග‍්‍රෑම් 382ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා මාලදිවයින් ජාතිකයින් වන බවත් ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා වීසා ලබාගෙන බවත් වාර්තා වේ.

මින් එක් සැකකරුවෙකු 18වන වියේ ද අනෙක් තැනැත්තා 29වන වියේ ද පසුවන අතර ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. අද අළුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad