එකතු කළ අගය මත බද්ද හෙවත් 'වැට් බද්ද' සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මෙම මස 20වන දින විවාදයට ගැනීමට නියමිත බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියාසිටියේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. ඊයේ පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා විසින් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු එය විවාදයට ගන්නේ කවදාදැයි විමසා සිටියේය.
එයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දී ඇත්තේ ලබන 20 වන දින පක්ෂ නායක රැස්වීමේ දී එය විවාදයට ගැනීමට නියමිත බවයි.

No comments:
Post a Comment