ලංවිම අතුරුදහන් මුදල් සෙවීම කඩිනම් කරන්න - ඇමැතිගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

ලංවිම අතුරුදහන් මුදල් සෙවීම කඩිනම් කරන්න - ඇමැතිගෙන් උපදෙස්

ලංවිම අතුරුදහන් මුදල් සෙවීම කඩිනම් කරන්න - ඇමැතිගෙන් උපදෙස්
ලංවිම සේවක අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය තුළින් අතුරුදහන් වීම සම්බන්ධව පවත්වන පරික්‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂණ වහාම කඩිනම් කරන ලෙස අදාළ බලධාරින්ට දැනුම් දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්‍ඡාවකට එක් වෙමිනි. මේ වන විට අදාළ ගනුදෙනුවට සම්බන්ධ සමහර ලිපි අතුරුදහන් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමා වෙනමම අභ්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙන බවත් එසේම මේ වනවිට අපරා‍ධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID වෙනනම පරික්ෂණයක් පවත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙයට සම්බන්ධ වූවන් ළඟදීම හෙලි කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා එය අයට තරාතිරම නොබලා නිතිමය කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරත් ප්‍ර‍කාශ කළේ ඉදිරියේ දි ලංවිම සේවක අර්ථසාධක අරමුදල සඳහා වෙනමම භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කිරිමටත් කටයුතු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad