ශ්‍රී ලංකන් කේටරින් වංචා ගැන පරීක්ෂණ අවසන් - ඇමතිවරයෙකුටත් චෝදනා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 10, 2016

ශ්‍රී ලංකන් කේටරින් වංචා ගැන පරීක්ෂණ අවසන් - ඇමතිවරයෙකුටත් චෝදනා?

ශ්‍රී ලංකන් කේටරින් වංචා ගැන පරීක්ෂණ අවසන් - ඇමතිවරයෙකුටත් චෝදනා?
ශ්‍රී ලංකන් කේටරින් සමගමේ සිදුවූ බව කියන වංචා සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසම විසින් කරනු ලැබූ විමර්ශණ පෙරේදා (08) අවසන්ව කර තිබේ.

ඒ පිළිබඳව සකස්කළ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයාට බාර දිමට නියමිතය. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද අමාත්‍යධුරයක් දරන ප්‍රියංකර ජයරත්න මහතා, හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු හය දෙනෙක් පසුගිය ජනපතිවරණ සමයේදි ශ්‍රී ලංකන් සමාගමේ වත්කම් අවභාවිත කළ බවට ජනපති කොමිසමට ලැබුණු පෙත්සමක් මත විමර්ශන ආරම්භ කෙරිණි.

නිවැරදි ලදුපත් හා ඉන්වොයිස් නොමැතිව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ආහාර පාන අමාත්‍යවරයාගේ බලපෑම මත සපයා ඇති බවටද පෙත්සමේ සඳහන් විය.

No comments:

Post a Comment

Post Bottom Ad