මේ අවස්ථාවේදී මෙරට දෙමළ ජනතාවගේ න්‍යාය පත්‍රය තුළ බෙදුම්වාදයක් නොමැති බවත් වෙනම රටක් උදෙසා අරමුණක් නොමැති බවත් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) මහාමාර්ග රාජ්‍ය අමත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව හාලිඇල ප්‍රදේශයේ සංවිධානය කර තිබු සහෝදරත්වයේ ක්‍රීඩා උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා මෙසේ අදහස් දැක්වීය.
"මේ රටේ මේ අවස්ථාවේ ඊලමක කතාවක් නැහැ. බේදුම්වාදය නැහැ. ත්රස්ත්රවාදය නැහැ. අවි ආයුද අරගන්න මතය නැහැ.
2005 කාල පරිච්ඡයේදී එල්.ටි.ටි.ඊ සංවිධානයේ පණිවිඩය ලබාගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය පාවිච්චි කරන්න උතුරු නැගෙනහිර ජනතාවට බැරි උනා. කාරණාව මොකක්ද, වෙනම ගමනක් තිබුණා. වෙනම රටක් බලා ගමනක් යනවා කියලා මතයක් තිබුණා. සිහිනයක් තිබුණා. නමුත් මේ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ඡන්දය දුන්නේ ඇයි, ඒ මතය නැහැ.
දැන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡන්දය දීලා එතුමාව ජනපති කරමින් සැබෑ සමස්ත දෙමළ ජනයා සිංහල දකුණට පණිවිඩයක් යවලා තියෙනවා, මොකක්ද පණිවිඩය එකම රටේ ජිවත්වෙන්න අපි සුදානම් කියන පණිවිඩය. ඒ පණිවිඩයට තමයි ඩිලාන් පෙරේරා අද සුභවාදි ප්‍රතිචාරයක් උතුරු - නැගෙනහිරට, කදුකරයට, කොළඹ ජිවත්වෙන දෙමළ ජනයාට ලබාදීලා තියෙන්නේ.
සිංහල පාසැල්, දෙමළ පාසැල්, මුස්ලිම් පාසැල් කියලා වෙන වෙනම ළමයි බෙදලා තියෙන තත්ත්වයට අපි තිතක් තියන්න ඕනි. එක වහලක් යටතේ එක ගොඩනැගිල්ලේ දෙමළ ළමයි, මුස්ලිම් ළමයි, සිංහල ළමයි සමඟ එකමුතුව අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දෙන්නට ඕනි. මේ රටේ නායකයෝ හැටියට ඒක කරන්න ඕනි. ඒ සම්බන්ධයෙන් ළගදිම මම කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙනවා.
මිශ්‍ර ජාතින් සමඟ ඉගෙන ගන්න මගේ තාත්තට අවස්ථාව ලැබුනා. මට ලැබුනේ නැහැ. ඇත්ත ඒකයි. ඒක කරලා දෙන්න ඕනි. අපි දෙමළ මාධයෙන් ඉගෙන ගන්න පුලුවන්. සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න පුලුවන්. මුස්ලිම් මාධ්‍යයෙනුත් ඉගෙන ගන්න පුලුවන්. ඒ මාධ්‍ය තුනම තියෙන්න ඕනි එක වහලක් යට. ආගම් බෞද්ධ ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, කතෝලික ආගම අදහන්නට අවස්ථාව පාසලේ තියෙන්නට පුලුවන් ප්‍රශ්ණයක් නැහැ. නමුත් එක වහලක් යට ඉන්න ඕනි.
දැන් අපි මොනවද කරන්නේ දෙමළ පාසැල වෙනම තියෙනවා. සිංහල පාසැල වෙනම තියෙනවා. මුස්ලිම් පාසැල වෙනම තියෙනවා. ඒ මදිවට දැන් ජාත්‍යන්තර පාසැල් කියලත් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ළමයි බෙදෙනවා. ළමයි පරපුර පොඩිකාලේම බෙදලා දාලා අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන් ලොකු උනාට පස්සේ රට හදයි කියලා. බොරු වැඩක්නේ මේ කරන්නේ. අපි මෝඩයෝ වගේ වැඩ කරගෙන යනවා. ඒ මොඩකම නවත්වන්න ඕනි.
ඒ නිසා මම ජාතික සහජීවන ඇමතිවරයා හැටියට ජනතාවට පොරෝන්දුවක් දෙනවා ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරනවා. මොකද මේ සංකල්පය අවසන් කරලා අළුත් සංකල්පයක් ගේනවා. මොකද එක වහල යටතේ අපේ ළමයි සෑම ජාතියක්ම නියෝජනය කරන ළමයින්ට එකට අධ්‍යාපනය ලබාගන්න අවස්ථාව ලබා දෙන්න සන්දේශයක් ගේනවා කියලා.
ජාතික සහජීවනයට අමතරව මට භාෂා අමාත්‍යංශයත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මම මේ රටේ මේ විෂය භාරගෙන තියෙන පළවෙනි ඇමතිවරයා විදිහට මට මේ රටේ භාෂා තුනම කතා කරන්න පුථවන්. මීට පෙර හිටපු ඔක්කොම එක්කෝ එක භාෂාවක් නැත්නම් භාෂා දෙකක් මම භාෂා තුනම කථාකරනවා.
ඩිලාන් පෙරේරාගේ මහතගේ කථාවේදී කිව්වා ඌව පළාතේ මිනිස්සු ලස්සනයි කියලා. මට හොදට පේනවා. ඒක ඉතාම සුන්දරයි. ලස්සනයි. පළාත වගේම පළාතේ ජනතාවත් ලස්සනයි. පළාතේ ජනතාවගේ නායකවරුන්ගේ හදවතත් හරි ලස්සනයි. මට පේනවා ඒක. මගේ මිත්‍ර ඩිලාන් පෙරේරා කථා කරනකොට කිව්වා ඌවට කවුරුත් එනවානම් මෙහෙම පදිංචිවෙනවා කියලා. මම හරීන්ගෙන් ඇහැව්වා එහෙමද උනේ කියලා.
එයා කිව්වා එහෙමයි මට උනේ, ඌවට ආවා කසාද බැන්දා පදිංචි උනා කිව්වා. මට නම් අවාසනාවක් මගේ තරුණ කාලේ මට ඌවට එන්න බැරිඋනා. අවානම් මම කොළඹ නොවෙයි ඌවේ පදිංචිවෙනවා. කොහොම උනත් මේ සහෝදරත්වයේ ක්‍රීඩා උළෙල ඉතා අගය කරනවා. රටට අද ඕනවෙන්නේ මේකයි. මේ උළෙල නිසා මේ ක්‍රියාව නිසා ඩිලාන් පෙරේරා මගේ සහෝදර මැතිතුමා මේ රටේ ජිවත්වෙන දෙමළ ජනයාගේ හදවතට පණිවිඩයක් යවලා තියෙනවා. ඔන්න අපි සුදානම් එකට ජිවත් වෙන්නට. අපි සුදානම් සහජිවනයට.
අපි සුදානම් එක්සත් නොබිදුන ලංකාව තුල සම්පත් බේදාගෙන බලය බේදාගෙන ජිවත්වෙන්නට. ඒ පණිවිඩය යවලා තියෙනවා. මේ ආකාරයෙන් තමයි අපිට පුලුවන් වෙන්නේ දෙමළ ජනයාගේ, මුස්ලිම් ජනයාගේ නැත්නම් අර සුළු ජාතින් කියනවානේ සිංහල බෞද්ධ නොවෙන ජනයාගේ එක සිත දිනාගෙන අපිට එක රටක් හැටියට ඉදිරියටම ගමන් කරන්න පුලුවන් වෙන්න ඕනි මේකයි.
දැන් අපේ රටේ මේ දවස්වල වැඩියෙන් කථාබහ වෙනවා අර පාද යාත්‍රාව ගැන. මට හිතෙනවා ඩිලාන් පෙරේරා මැතිතුමනි, මේ ළමයි ටික එකතු කරගෙන ඔබතුමා සමඟ හාලිඇල සිට කොළඹට සහජීවනයේ පා ගමනක් යන්නට. අපේ ඝෝෂාව එන්නේ මොකක්ද ජාතිවාදය නැහැ. අන්තවාදය නැහැ. අන්ත ආගම්වාදය නැහැ. බේදුම්වාදය නැහැ. ත්රාස්ථවාදය නැහැ. රාජ ත්රාස්ථවාදය නැහැ කියන ඝෝෂාව.
මේ රටේ අද ප්‍රධාන ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ සහජීවන ප්‍රශ්න. ජාතින් අතර ආගම් අතර භාෂා අතර සහජීවනයක් අවශ්‍ය වෙනවා. අපිට පුළුවන් පාරවල් හදන්න. අපිට පුළුවන් බෝක්කු හදන්නට. අපි ඒ ඔක්කොම හදනවා. නමුත් ඊට වඩා ඕනි අපිට හිත හදන්න, ඔලුව හදන්න. හිත හදන්න බැරිනම් ඔලුව හදන්න බැරිනම් අපි හදන පාලම් කඩා වැටෙනවා. බෝක්කු කඩා වැටෙනවා. ගොඩනැගිලි කඩා වැටෙනවා. රට කඩා වැටෙනවා."
බදුල්ල - පාලිත ආරියවංශ

No comments:
Post a Comment