නියෝජ්‍ය පොලිස්පති තනතුර හිමිවූ 14කට සේවා ස්ථාන ලබාදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 9, 2016

නියෝජ්‍ය පොලිස්පති තනතුර හිමිවූ 14කට සේවා ස්ථාන ලබාදෙයි

නියෝජ්‍ය පොලිස්පති තනතුර හිමිවූ 14කට සේවා ස්ථාන ලබාදෙයි
රාජකාරි ආවරණය කිරීමේ පදනම මත නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනා සඳහා සේවා ස්ථාන ලබාදී තිබේ.

පොලිස් කොමිසමේ අනුමැතිය සහිතව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට අදාළ පත්වීම් ලිපි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පසුගියදා ලබා දුන්නේය.
ඒ අනුව එක් එක් දිසාවන් සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස ඔවුන් පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අජිත් රෝහණ මහතා නීති විනය හා කල්ක්‍රියා දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති අතර බස්නාහිර දකුණ දිසාව සඳහා වසන්ත වික්‍රමසිංහ මහතා පත් කර ඇති අතර පුත්තලම දිසාව සඳහා චම්පික සිරිවර්ධන මහතා  පත් කර ඇත.
නිමල් පෙරේරා මහතා ත්‍රිකුණාමලය දිසාවටත්, මර්වින් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන හා සන්නිවේදන දිසාවටත් ආර්.එල්.වැලිකන්න මහතා කිලිනොච්චි දිසාවටත් පත් කර තිබේ.

කේ.බී මහගෙදර මහතා දුක්ගැනවිලි දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර එම්.බී ඇල්ලේපොල මහතා අම්පාර දිසාවටත් පත් කර ඇති බව වාර්තා වේ. වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ මහතා පොලිස්පති පුද්ගලික සහකාර තනතුරේ තවදුරටත් කටයුතු කරන අතර ලබන 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උතුරුමැද දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පද්මලාල් සදුන්ගහවත්ත මහතා නම් කර ඇත.


ලබන මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ බුද්ධි තොරතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් රණවීර මහතා ලබන මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර ඇති අතර පාලිත ප්‍රනාන්දු මහතා ලබන 21 වනදා සිට රථ වාහන දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad