පාසලේ විදුහල්පතිවරයා සහ සිසුන් පිරිසක් එක්ව තමන්ට පහරදුන් බව කියමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඊයේ (07) ඇතුලත් වී තිබේ.
මේ අතර එම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලක ප්‍රගතිය විමසීමට එම විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් ඊයේ අල්ලස් කොමිසමට ගොස් තිබූ අතර මෙලෙස පහර කෑමට ලක්වූ ගුරුවරයා ද ඒ අතර වන සිටි බව වාර්තා වේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වීඩියෝව පහතින්....
පහරකෑමට ලක් වූ ගුරුවරයා එම විද්‍යාලයේම තොරතුරු තාක්ෂණ විෂ්‍ය උගන්වන සුසන්ත හේරත් නමැත්තෙකි. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ විදුහල්පතිවරයා තමන් සිය කාමරයට කැඳවා සිසුන් සමඟ එක්වී පහර දුන් බවයි.
වීඩියෝව පහතින්....
No comments:
Post a Comment