මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඇතිවන විමර්ශන කටයුතුවලදීත් එමෙන්ම එම අධිකරණ කටයුතුවලදීත් විදේශ විනිශ්චයකරුවන් මෙරටට ගෙන්වීම පිළිබඳ තමාගේ එකඟත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කලද එම ආඥා ගනන් ගන්න එපා යයි කියමින් මංගල සමරවිර පසුගියදා දෙමළ ඩයස්පොරාව ඉදිරියේ මංගල කල ප්‍රකාශයට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මංගලට කණේ පහරක් ගසා තිබේ.
අද (08) පස්වරුවේ පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක් වෙමින් මහා විරයෙකු ලෙස සිරිසේන කියා සිටියේ විදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට අපේ රටේ අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බවයි.
“පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අපට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට සහ විදේශීය යුද අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල, කුමන ආකාරයෙන් අදහස් ප්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්”
“අපේ රටේ නිදහසට, ස්වාධිනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට අභියෝගයක් වන ආකාරයේ කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර කටයුත්තකට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිතුම මාතෘ භූමියේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් නොපසුබටව කටයුතු කරන බවට ද මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය.”
“ජාතික ආරක්ෂාව ඇතුළු රටේ සියලූ කටයුතුවලදී ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම යටතේ කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද පැවසූ ජනාධිපතිතුමා බෞද්ධයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයා ලෙස රටේ අභිමානවත් ඉතිහාසයට ගරු කරමින් ශ්‍රී ලාංකීක සමාජයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවද අවධාරණය කළේය.”
යුද අපරාධ සොයන අධිකරණයට විදෙස් විනිසුරුවන් ගන්නවාද? ජනපති ලේකම්ට සත්‍ය පවසන්න කියන්න ආචාර්ය ගුණදාස අමරසේකර පෙත්සමකින් ඉල්ලයි. ඉකුත් යුද සමයේ දී සිදුවූ බව කියන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ගැන සොයා බැලීම සඳහා ආරම්භ කිරීමට යන අධිකරණ ක්‍රියාවලියට විදේශ විනිසුරුවන් සම්බන්ධ කර ගන්නවාද? එක්‌සත් ජනපදය, ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර මේ සම්බන්ධයෙන් එකඟත්වයක් හෝ සම්මුතියක් ඇති කරගෙන තිබෙනවාද?
ඉතා පැහැදිලි වූත් සත්‍ය වූත් පිළිතුරක් මෙම ප්‍රශ්නවලට සැපයිය යුතු බවට ජනාධිපති ලේකම් පී. බී. විඡේකෝන් මහතාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. තමා මෙම ඉල්ලීම කරන්නේ මෑතදී පාර්ලිමේන්තුවෙන් සම්මත වූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව බවත්, පනතේ 14 (ඒ) 1 වගන්තියට අනුව ඉල්ලා සිටින තොරතුරු හෙළි කිරිමට ජනාධිපති ලේකම් බැඳී සිටින බවත් ආචාර්ය අමරසේකර මහතා කියා සිටී.
එල්.ටී.ටී.ඊ. ය සමඟ පැවති යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා රජයේ හමුදාවල සාමාජිකයන් අතින් සිදුවූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන පැවැත්වීමට යන පරීක්‍ෂණ සම්බන්ධයෙන් සාකච්ඡා අවසානයේදී එකඟත්වයකට පැමිණ සිටින බවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඒ. සුමන්තිරන් මහතා ඇමරිකා කොන්ග්‍රස් සභාවට ප්‍රකාශයක් කර ඇති බවට “අයිලන්ඩ්” පුවත්පතේ පළවූ වාර්තාවක් දැක ඒ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය දැන ගැනීමට තමාට උනන්දුවක් ඇතිවූ බවත්, අඩුම වශයෙන් එවැනි සාකච්ඡාවක් පවත්වා ඇත්නම් ජනාධිපති ලේකම් දැනගත යුතු බවත් සඟවන්නේ නැතිව ඒ පිළිබඳ සත්‍ය තොරතුරු ඔහු රටට හෙළිකළ යුතු බවත් පෙත්සමේ සඳහන් කර ඇත. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මගින් පෙත්සම ගොනුකර තිබිණි.
Saturday, July 9, 2016
සිරිසේන මංගලගේ කණ අත ගා කණට ගහයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment