සාලාව අනතුර ගැන හමුදාපති කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

සාලාව අනතුර ගැන හමුදාපති කතා කරයි (VIDEO)

සාලාව අනතුර ගැන හමුදාපති කතා කරයි (VIDEO)
පසුගියදා කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ හදිසි පිපිරීම නිසා ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවට විශාල දේපළ හානියක් සිදුවූ බවත් එක් වටිනා ජීවිතයක් අහිමි වූ බවත් ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා ලෙස තමාගේ බලවත් ශෝකය පළ කරන බවත් යුද හමුදාපති ඒ. ඩබ්ලිව්. ජේ. සී ද සිල්වා මහතා ඊයේ (10) සාලාව කඳවුරේ පැවති මාධ්‍ය හමුවේ දී කියාසිටියේ ය.

ජනතාවගේ දේපලවලට සිදුවූ දැඩි හානිය සම්බන්ධයෙන් ද තමා කනගාටුවන බව  ප්‍රකාශකළ හමුදාපතිවරයා මෙතරම් විශාල හානියක් සිදුව තිබිය දී සාලාව ජනතාව ඉතා ඉවසීමෙන් කටයුතු කරන බවත් ඒ සම්බන්ධව තම ස්තූතිය එම ජනතාවට ප්‍රකාශ කරන බවත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා කියාසිටියේ ජනතාවගේ දේපළවලට සිදුවූ හානිය හැකි ඉක්මනින්, සාර්ථකව යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ ක්‍රියාවලියට යුද හමුදාවේ උපරිම සහය ලබාදෙන බවයි.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad