දේශීය එළවළු වෙළඳපොලේ එළවළු මිල ගණන් යලිත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එළවළු වෙළෙන්දන් පවසන්නේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම හේතුවෙන් එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර පතෝල, බණ්ඩක්කා වැනි පහතරට එළවළුවල මිල ගණන් පමණක් සාමාන්‍ය මිලකට අලෙවි වන බවත් නුවරඑළිය අර්තාපල් ඇතුළු උඩරට එළවළු සෑම එකක්ම පාහේ වැඩි මිලකට අලෙවි වන බවත් වාර්තා වේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් සඳහනන් කරන්නේ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදීම හේතුවෙන් මෙසේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.
ඡායාරූප පහතින්...
හැටන් - රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment