ලොකයේ සියදිවි නසා ගැනීම් වැඩි වශයෙන් සිදුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්‌වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ලොවපුරා රටවල සියදිවි නසා ගැනීමේ අනුපාතය ජනගහනයෙන් ලක්‍ෂයකට 11 දෙනකු වුවද ශ්‍රී ලංකාවේ එය ජනගහනයෙන් ලක්‍ෂයකට 28.8 දෙනකු ලෙස එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට ජනගහනයෙන් සියයට 50 ක් පමණ මත්පැන් පානය කරන බවත් එම තත්ත්වය ද මානසික සෞඛ්‍ය පිරිහී සියදිවි නසාගැනීමේ තත්ත්වයට පත්වීමට හේතුවක් වී ඇති බවත් ය.
මෙරට පුද්ගලයන් 10 දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බවත් එහෙත් එම සංඛ්‍යාවෙන් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 20% ක් වැනි සුළු ප්‍රතිශතයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා කොළඹ පැවැති මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 13 වැනි සැසිවාරය අමතමින් කියාසිටියේ ය.

No comments:
Post a Comment