සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් දේපළ සම්බන්ධයෙන් සංගණනයක් අද (09දා) දින සිට ආරම්භ කර තිබේ.
සීතාවක ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා ඊයේ (08) මේ බව සඳහන් කළේය. ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළ පරිදි මෙම සංගණනය ඔස්සේ පිපිරීමෙන් හානි වූ නිවාස, වෙළෙඳසැල්, රථවාහන, භව භෝග හානි හා නිවාස වල අභ්‍යන්තරයේ තිබූ දේපළවලට වූ හානිය ද ඇස්තමේන්තු ගත කරයි.
අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාස පිහිටි සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ග්‍රාම සේවා නිලධාරීන් හා ඔවුන්ට සහායවීමට අමතර නිලධාරීන් ද යොදවා සංගණනය සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

No comments:
Post a Comment