බැදුම්කර නිකුතුවේ දත්ත මැකිමේ උත්සාහයක් - දුෂණ විරෝධී පෙරමුණ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

බැදුම්කර නිකුතුවේ දත්ත මැකිමේ උත්සාහයක් - දුෂණ විරෝධී පෙරමුණ 

බැදුම්කර නිකුතුවේ දත්ත මැකිමේ උත්සාහයක් - දුෂණ විරෝධී පෙරමුණ 
විවාද සම්පන්න භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවට අදාළ සියළු පරිගණක දත්ත මකා දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබි ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ පවසයි. 

මහ බැංකුවේ ඉහළම නිලධාරියෙකු මෙම දත්ත මකා දැමිම සදහා සේවකයින් දෙදෙනෙකුට නියෝග ලබා දී ඇති නමුත් ඔවුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම ප්‍ර‍තිකේෂ්ප කර ඇතැයි එම පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ මෙලෙසද සඳහන් වේ.

“විවාද සම්පන්න දෙවන බැදුම්කර නිකුතුවේ විස්තර දින 36 ක් යන තුරු ලබා ගැනීමට නොහැකි ලෙස පරිගණක පද්ධතියට අගුලු දමා තිබූණි. කෙසේ නමුත් මෙම තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ. එයින් එක් වැදගත් තොරතුරක් වන්නේ බැදුම්කර නිකුතුට අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර (පෙ.ව. 10.50)ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාශයන් ට දැඩි හානි සිදුවන ආකාරයෙන් ලංසුවක් ඉදිරිපත් කිරීමය.
රජයේ බැංකුවක් හරහා එම ලංසු තැබීම සිදු කොට ඇත. 

අර්ජුන මහේන්ද්‍ර‍න් හට භාණ්ඩාගාරයේ අධිපති ධූරය දැරීම සදහා තවත් අවස්ථාවක් හිමි නොවිය හැකි තත්වයක් තුල අනාගත විමර්ශන සදහා පාදක තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් පැවතිය හැකිය. මෙවැනි දත්ත විනාශ කිරීමක් සදහා දායක වන සියලු පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දුෂණ විරෝධී පෙරමුණ කිසි ලෙසකින් හෝ පසුබට නොවන බව අප අවධාරණය කරමු.“

No comments:

Post a Comment

Post Bottom Ad