අස්ගිරි මහ නාහිමි උතුරට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

අස්ගිරි මහ නාහිමි උතුරට (PHOTOS)

අස්ගිරි මහ නාහිමි උතුරට (PHOTOS)
අස්ගිරි මහවිහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥාණරතනාභිධාන මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා මුදල් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් වව්නියාව මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් විහාරයේ දී සිදුවිය.

එහිදී උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති සියඹලාගස්වැව විමලසාර නාහිමියන් විසින් අස්ගිරි මහ නායක හිමියන් පිළිගනු ලැබිණි. වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථාන 29ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 145ක මුදලක් අස්ගිරි මහනායක හිමියන් අතින් ඒ ඒ විහාරස්ථානයන්හි විහාරාධිපතිවරුන්හට ප්‍රධානය කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ද සහභාගී වූ අතර ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බෞද්ධ විහාරස්ථානයන් මගින් ලද අදාළ මුදල් ප්‍රතිපාදන වව්නියාව දිසාපති එම්. බී පුෂ්පකුමාර මහතාට සහ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්. එස් ජානක යන මහත්වරුන්ට පිරිනමා ඇත.

ඡායාරූප පහතින්...


වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad