දහස් වසක් පැවති දළඳ පෙරහැරත් නවතන්න වෙයි.. NGO කුමන්ත‍්‍රණය පල දරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

දහස් වසක් පැවති දළඳ පෙරහැරත් නවතන්න වෙයි.. NGO කුමන්ත‍්‍රණය පල දරයි..

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත දළදා පෙරහැරට හීලෑ අලි ඇතුන් හිග වීම නිසා පෙරහර පැවැත්වීමේ දැඩි අවිනිශ්චිතභාවයක් මතුව ඇතැයි සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි.

මේ හේතුව නිසා මෙවර දළදා පෙරහර විදී සංචාරය අවලංගු කර දේවාලයේ අභ්‍යන්තර පෙරහරට පමණක් සීමා වනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එන දළදා පෙරහර යම් හෙයකින් මෙවර පැවැත්වීමට නොහැකි වුවහොත් රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන ඊනියා සත්ත්ව අවිහිංසාවාදී සංගම්ද ඊට අනුබල දෙන අයද භාරගත යුතු යයි බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad