මේ සම්මජාතියේ රාජපක්‍ෂලා ආණ්ඩුවට ගන්නේ නෑ.. – ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

මේ සම්මජාතියේ රාජපක්‍ෂලා ආණ්ඩුවට ගන්නේ නෑ.. – ජනපති

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ‍්‍රිලනිපයේ නියෝජ්‍ය නායක තනතුරක් ලබා දෙන්නේ යයි ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා කල ප‍්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස දොස් පවරා ඇත.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් මේ සම්මජ්ජාතියේ රාජපක්‍ෂවරැුන් නම් ආණ්ඩුවට වද්දා ගන්නේ නැති බවයි.

ජනාධිපතිවරයා එසේ කියද්දී ගෝඨාභය සම්බන්ධයෙන් එම යෝජනාව ඉදිරිපත් කළ ඇමති ජෝන් සෙනවිරත්න මහතා ‘තමා එම යෝජනාව කළේ පක්ෂය එකමුතු කිරීමේ අදහසින් බව’ ඉතා අසීරැවෙන් වචන එක් කරමින් කියා ඇත.

‘මං කිසි තැනක කිව්වේ නෑ මහින්ද, නාමල්, බැසිල් මේ තනතුරුවලට ගේන්න ඕනෑ කියලා. මං එහෙම කිව්වෙ පක්ෂය කැඩිලා විනාශ වෙන එක වළක්වගන්නයි’ යිය ඇමතිවරයා කී අතර ජනාධිපතිවරයා එතනින් එහාට ඒ ගැන අදහස් පල කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad