MH370 ගුවන් යානයේ තවත් කොටස් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

MH370 ගුවන් යානයේ තවත් කොටස් හමුවෙයි

අතුරුදන් වූ MH370 මැලෙසියානු ගුවන් යානයේ තවත් සුන්බුන් කිහිපයක් මැඩගස්කර් දූපත් ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස හමු වී තිබෙන්නේ ගුවන් යානයක ආසනයක කොටසක් බවයි වාර්තා වන්නේ. හමු වූ ගුවන් යානා කොටස පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර ද යානයේ සුන්බුන් අප්‍රිකානු මහද්වීපයෙන් හමු වුණා. මේ අතර ඉන්දීයන් සාගරයේ වර්ග කිලෝමීටර් එක්ලක්ෂ 20,000ක් ද පරීක්ෂණ සිදු කළ නමුත් එම මෙහෙයුම් සාර්ථක වුයේ නොමැත.

ක්වාලාලම්පූර් සිට බිජිං දක්වා මඟීන් 239 දෙනෙකු රැගෙන යමින් සිටියදී මෙම ගුවන් යානය 2014 මාර්තු මාසයේ දී අතුරුදන් වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad