මොරටුවේ ගණිකාවන් තිදෙනෙකුට HIV - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

මොරටුවේ ගණිකාවන් තිදෙනෙකුට HIV

මොරටුව ප‍්‍රදේශයේ අත්අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකුට HIV ආසාධනය වී ඇතැයි අනාවරණ කරගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව කුරුස හන්දිය, මොරටුව දුම්රිය ස්ථානය, අඟුලාන සහ ලුනාව යන ප‍්‍රදේශවලදීයි. කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී කාන්තාවන් තිදෙනෙකුට HIV ආසාධනය වී ඇතැයි තහවුරු වූ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. එහෙත් ඒ වනවිටත් ඔවුන් අධිකරණය නියම කෙරුණු දඩ මුදල් මත මුදා හැර තිබුණා. පවතින තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මොරටුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලීසිය, ජනතාව දැනුවත් කිරීමට තීරණය කර ඇතැයි
වාර්තාකරු පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad