ඩක්වත් ලූවිස් නිසා සමර්සෙට් පිල සරේ පරදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

ඩක්වත් ලූවිස් නිසා සමර්සෙට් පිල සරේ පරදවයි

එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන සරේ ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 8 ක පහසු ජයක් අත්කර ගැනීමට සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායමට ඕවර 24 කදී ලකුණු 180 ක ඉලක්කයක් හිමිවූ අතර කඩුලූ 2 ක් පමණක් දැවී පන්දු 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාලීමට සමර්සෙට් කී‍්‍රඩකයෝ සමත් වූහ. ආරම්භක පිතිකරු යුගලය වූ ජොහාන් මයිබර් (76) සහ නායක ජිම් මයිබර් (71) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 155 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සමර්සෙට් ප‍්‍රාන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 59 කදී වාර්තා වූ ජොහාන් මයිබර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 56 කදී වාර්තා වූ ජිම් මයිබර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප‍්‍රාන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රෝරි බර්න්ස් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය. 


ජේසන් රෝයි පන්දු 43 කදී ලකුණු 46 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. පැය භායගකට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටි කුමාර් සංගක්කාර දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට රුඩොල්ෆ් වැන්ඩර්මර්ව් සමත් වූ අතර ඒ වන විට ඔහු පන්දු 16 කදී ලකුණු 12 ක් රැස්කරගෙන සිටියේය. වර්ෂාව නිසා සරේ ප‍්‍රාන්ත ඉනිම ඕවර 24 කට සීමාවිය.

No comments:

Post a Comment

Post Bottom Ad