සාලාව වැසියන්ට අඟහරුවාදා සිට වන්දි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

සාලාව වැසියන්ට අඟහරුවාදා සිට වන්දි

සාලාව වැසියන්ට අඟහරුවාදා සිට වන්දි
කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් ඇතිවූ හානි සඳහා එම ප්‍රදේශවාසීන්ට වන්දි ලබාදීම ලබන අඟහරුවාදා (14) දින ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

අද (11) පෙරවරුවේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත. කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  කියාසිටියේ පිපිරීම හේතුවෙන් හානියට පත්ව ඇති කඳවුර අවට හඳුනාගත් ප‍්‍රදේශ 
12ක් පිළිබඳව ක්ෂේත‍්‍ර අධ්‍යයනයන් ද අද දින ආරම්භ කරන බවයි.

ඒ අනුව පැය 48ක් ඇතුළත එම ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු අවසන් කරන බවත් එම වාර්තා සඳුදා දින රජයට භාරදීමෙන් අනතුරුව ජනතාව වෙත වන්දි ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටී. එමෙන්ම කඳවුරේ පිපිරීම හේතුවෙන් වසා දැමුණු සියලු පාසල්හි අධ්‍යයන කටයුතු ලබන (13) සඳුදා සිට යළි ආරම්භ කරන බවත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad