නාවික හමුදාවට ඉන්දියාවෙන් අධි තාක්ෂණික නැවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධි තාක්ෂණික නැවක්

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධි තාක්ෂණික නැවක්
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ දී අධි තාක්ෂණික නෞකාවක් නිෂ්පාදන කර තිබේ.

නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම අධි තාක්ෂණික නෞකාව මගින් ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකළ හැකිය.

මෙම නෞකාව තුළ හෙලිකොප්ටරයක් ද රඳවා තබා ගැනීමේ හැකියාව පවතින අතර නාවික සැතපුම් 4500ක ප්‍රදේශයක් ආවරණය කිරීමට ද එයට හැකි බව සඳහන් වේ. නාවික හමුදාව වැඩිදුරටත් සඳහන්කළේ එහි නිළධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයන් 100 දෙනෙකුට ද ඉඩ පහසුකම් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad