පක්ෂ 15ක සහය මෛත්‍රීට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

පක්ෂ 15ක සහය මෛත්‍රීට

පක්ෂ 15ක සහය මෛත්‍රීට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දේශපාලන පක්ෂ 15ක් සමඟ ගිවිසුමකට අත්සන් තැබූ බව වාර්තා වේ. ඒ අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ය.

ඊයේ (10) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේ දී රැස් වූ අතර එහිදී නිදහස් සන්ධානය පුළුල් කිරීමට සාමාජික අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව පක්ෂ 15ක් සමඟ මෙම ගිවිසුමට අද දින අත්සන් තබා ඇත.
ජනාධිපතිවරයා සමඟ මෙම ගිවිසුමට අත්සන් තැබූ පක්ෂ අතර හිටපු අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයාගේ EPDP සංවිධානය, ඒ. එල්. එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ද ඇතුළත් වේ.

මේ අතර ඊයේ පැවති විධායක සභා රැස්වීමෙන් අනතුරුව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ  ඒ. එල්. එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ඉදිරියේ දී නිදහස් සන්ධානට එක්වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad