ආණ්ඩුව පෙරළුනොත් මගෙයි දරුවන්ගෙයි ජීවිත නැතිවෙයි.. ඒක කරන්ද ඕන.. එපා.. ජනපති ආණ්ඩුවේ මන්ත‍්‍රීන්ගෙන් අසයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

ආණ්ඩුව පෙරළුනොත් මගෙයි දරුවන්ගෙයි ජීවිත නැතිවෙයි.. ඒක කරන්ද ඕන.. එපා.. ජනපති ආණ්ඩුවේ මන්ත‍්‍රීන්ගෙන් අසයි..

ආණ්ඩුව පෙරළුනොත් තමන් හා තම දරැුවනට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී පවසා ඇත.

මුදල් ඇමති රවි කරැණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාවට පෙරාතුව පැවති මෙම මන්ත‍්‍රී කණ්ඩුයම් හමුවේදී ජනාධිපතිවරයා ඉතා හැගීම්බර ලෙස මෙසේ සදහන් කර තිබේ.

‘පාර්ලිමේන්තුවේ කතානායක නෑ. නියෝජ්‍ය කතානායක නෑ. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක නෑ. මුල් පේළියේ කිසි ඇමැති කෙනෙක් නෑ. මේ විදියට පුළුවන්ද ආණ්ඩු කරන්න? සමහර මැති ඇමැතිවරු කිසි පාලනයක් නැතිව රට යන්න පටන් අරන්. දවස් දෙකේ තුනේ සාකච්චාවලටගියාම දවස් 8ක්, 10ක් ඉන්නවා.

ඔයාලනම් ආණ්ඩුවට මොනව හරි වුනොත් විපක්‍ෂ මන්ත‍්‍රීකම් ගනී. ඒත් මටයි මගේ දරුවන්ටයි ජීවිතවලින් වන්දි ගෙවන්න වෙනවා. ඒක කරගන්නද ඕගොල්ලනට ඕන…’ යයිද පවසා ඇති ඔහු වගකීවකින් යුතුව ආණ්ඩුව පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad