හිටපු පොලිස් නිළධාරියෙක් බිරිඳ සහ දරුවන් සමඟ උපවාසයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

හිටපු පොලිස් නිළධාරියෙක් බිරිඳ සහ දරුවන් සමඟ උපවාසයක

හිටපු පොලිස් නිළධාරියෙක් බිරිඳ සහ දරුවන් සමඟ උපවාසයක

අම්පාර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ රූපස්කුලම් වනාන්තරය අසල රැදී සිටිමින් හිටපු පොලිස් නිළධාරියෙකු තම බිරිඳ සහ දරුවන් සමඟ උපවාසයක නිරත වන බව වාර්තා වේ.

2003 වර්ෂයේ දී තමා සේවයෙන් ඉවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රකින බවට මොහු මෙම උපවාසයේ යෙදෙමින් චෝදනා කරයි.

පොලිස් සැරයන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තව සේවය කොට ඇති මොහු ඉන් ඉවත් කර ඇත්තේ නොදන්වා සේවයට වාර්තා නොකිරීම යන චෝදනාව මතයි.

ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශකොට ඇත්තේ යුද සමයේ තමාගේ දෙපා වලට වෙඩි වැදුණු බවත් ඒ හේතුවෙන් නිසි රැකියාවක් කිරීමට නොහැකි වූ බවත් ය.

ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමා රාජකාරියෙන් ඉවත් කළේ දේශපාලන හේතූන් මත බැවින් තමා යළි සේවයේ පිහිටුවන ලෙසයි.

බලධාරීන් තම ඉල්ලීම සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් අඛණ්ඩ උපවාසයක නිරත වන බවට ද ඔහු ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad