ඩබල් කැබ්වල යන්න බෑ.. අංශබාගය හැදෙනවා.. ජනතා සේවයට සැප වාහන ඕනෑමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

ඩබල් කැබ්වල යන්න බෑ.. අංශබාගය හැදෙනවා.. ජනතා සේවයට සැප වාහන ඕනෑමයි..

තමන්ගේ මාමා වන හිටපු ඇමති අමරසිරි දොඩංගොඩ මහතාට අංශභාගය හැදුනේ ඩබල් කැබ්වල ගිහින් නිසා තමනට නම් ඩබල් කැබ්වල යන්න බැරි බව ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

‘දැනට මං ගමන් බිමන් යන්නේ පෙට‍්‍රල් ලීටරයට කි.මි. 3- 4ක් දුවන පරණ අවුඩි වාහනයක්.
මට නම් ඩබල් කැබ්වල යන්න බෑ. මොකද මගේ මාමා දොඩංගොඩ ඇමැතිතුමා පැරලයිස් (අංශභාගය) වුණේ ඩබල් කැබ්වලින් ගිහිල්ලයි. ලෙඬේ හැදුණට පස්සේ තමයි ජීප්, කාර් පාවිච්චී කළේ.

බදුත් එක්ක මිලියන 31ක වාහනයක් ඇමතිවරයෙකුට ගන්න පුළුවන්. ඒත් ඒ කාලේ බදු නැතිව ලක්ෂ 100 ගාණේ වාහන දෙකක් ගන්න පුළුවන් වුණා. ජනතා සේවයට ආවාම ඒ විදියට පහසුකම් තිබෙන්න ඕනේ. වැඩිවෙලාවක් අපි ඉන්නේ වාහනවල. උදේ අටට ගිහින් පහට එන රස්සාවක් නම් මරුති එකකින් ගිහින් එන්න පුළුවන්’.

No comments:

Post a Comment

Post Bottom Ad