ඇමතිවරුන් අලූත් වාහනවල යන විට ජනතාව ඔවුන් ඔසවාගෙන ගිහින් ගගක මුහුදක දැමිය යුතු යයි ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.
ඇමතිවරැන් වාහන ගෙන්වීම සදහා අති විශාල මුදලක් වෙන් කිරීම ගැන ඔහු මෙසේ අදහස් පල කරයි.
ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න කිව්වේ ඒ අයට ෆෝවීල් එන්ජින් ධාරිතාවය හොදම වාහන නැතිව මහජනතාවට සේවය කරන්න බෑ කියලා. දුෂ්කර පළාත්වලට යන්න බැහැ කියලා. ඒ අය කියන එක අපි පිළිගන්න ඕන. අපි ගිහින් ඒ අයව මහජන සේවයට ගෙනාවේ කොච්චර වැදලද? ඒ අය පැත්තකට වෙලා ඉන්නකොට අපි ගිහින් බලහත්කාරයෙන් ඒ අයට වැදලා පුදලා අනේ ඇවිල්ලා ඇමතිකම ගන්න කියලා ඒ අයට බලෙන් ඇමතිකම් දුන්නේ.
ඒ ගොල්ලෝ තමයි අයහපාලනය මොකක්ද කියලා කියන්නේ. ඒ අයට වැඩිය දෙයක් අපි දන්නවද? රාජිත සේනාරත්නලා, ගයන්ත කරුණාතිලකලා, රවී කරුණානායකලා තමයි යහපාලනය මොකක්ද කියලා දුන්නෙ. අපි දන්නේ නෑ. අපිට තියෙන්නේ ඒ ගොල්ලො කියන එකක් අහගෙන ඉන්න එක විතරයි.
අපිට මැදිහත්වෙලා කිසිම දෙයක් කරන්න නැහැ. අපි කියන ඒවා ගණන් ගන්න කවුරුවත් ඉන්නවද? ජනතාව චෝදනා කරනවානම් ඒ ගොල්ලො ගිහින් ඇමතිවරුන්ගේ ගෙවල් වටකරන්න ඕන. එහෙම නැත්නම් ඔය අලූත් වාහන යනකොට වාහන වටකරලා උස්සලා ගිහින් ගගක මුහුදක හරි දාන්න ඕන. වෙන මොනවා කරන්නද?
මේක වැරැද්දක් කියල පේනවා නම් ජනතාව ඒකට ප‍්‍රතික‍්‍රියා දක්වන්න ඕන. වාහන අරගෙන පාරෙ යන මේ ඇමතිවරු මල්මාලා දාලා, අත්පුඩිගහලා පිළිගන්නෙත් ඒ ආයමයි. ඒ ගොල්ලෝ අගහරු ලෝකෙන් ආපු කට්ටිය නෙවෙයි. අපි බදු ගෙව්වේ නැත්නම් ඒ අය කොහොමද වාහන ගන්නේ. මොකද වෙන කවුරුත් අරන් දන්නද? අපි බදු ගෙවන්නේ ඒ අයට වාහන ගන්න තමයි. එහෙම නැතිව කොහොමද දුර යන ගමන්, මහජන සේවයට යන ගමන් යන්නේ.
Tuesday, June 14, 2016
මේ ඇමතියන්ගේ ගෙවල් වටලන්න ඕනෑ.. උස්සාගෙන ගිහින් ගඟක මුහුදක දාන්න ඕනෑ. – නිර්මාල්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment