බිහිසුණු ත‍්‍රස්තවාදයක් පරදවා ලොවම මවිත කළ මහින්ද රාජපක්ෂ වැනි ජන නායකයකු ආරක්ෂා කිරීම ශ‍්‍රී ලාංකිකයන්ගේ මෙන්ම ජපානය වැනි සාමය අගයන රටවල ද යුතුකමක් බව ජපානයේ ප්‍රධානතම බෞද්ධ විහාරස්ථානයක් වන කුබෝ විහාරස්ථානයේ විහාරාධිපති නාහිමිපාණෝ පැවසූහ.
ඊයේ ශ‍්‍රී ලංකාවේ 5වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස වෙනුවෙන් ජපානයේ කුබෝ විහාරස්ථානයේ පැවැති ආශිර්වාද පූජාවෙන් අනතුරුව අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ එසේ පැවසූහ.
එහිදී කුබෝ විහාරාධිපති නාහිමිපාණෝ මෙසේ ද සදහන් කළේයග
‘‘ රටක අධර්මිෂ්ඨ පාලනයක් ඇති වූවාම ගංවතුර උවදුරුල නායයෑම්ල හදිසි ගිනිගැනීම් ආදී නොයෙක් උවදුරු ඇති වන බව බුදුදහමෙහි සදහන් වෙනවා. අද ලංකාද්වීපයේ එවැනි උවදුරු ඇති වන්නේ අධර්මිෂ්ඨ පාලනයක් බිහිව තිබෙන නිසා බව අපගේ විශ්වාසයයි.
ඒ උවදුරු දුරුව ගොස් ලංකාද්වීපයට යළි සාමයල සෞභාග්‍යථ උදාවීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකයකු අවශ්‍යයි. එ සදහා මහින්ද රාජපක්ෂ නාමයට ගරු කරන ජපන් ජාතිකයන්ගේ උපරිම සහයෝගය ලබාදීමට අප කටයුතු කරනවා.
දහස් සංඛ්‍යාත ජපන් ජාතික බැතිමතුන් පිරිසකගේගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුඹුර, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේතු මන්ත්රීණවරු ද සහභාගී වූහ.
අනුරුද්ධ බණ්ඩාර
Tuesday, June 14, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
Home
ප්රවෘත්ති
ලංකාවේ අධර්මිෂ්ඨ පාලනයක් බිහිවෙලා.. මහින්ද වැනි ධර්මිෂ්ඨ නායකයෙක් ඕනෑ.. – ජපානයේ කුබෝ විහාරාධිපති නාහිමි
ලංකාවේ අධර්මිෂ්ඨ පාලනයක් බිහිවෙලා.. මහින්ද වැනි ධර්මිෂ්ඨ නායකයෙක් ඕනෑ.. – ජපානයේ කුබෝ විහාරාධිපති නාහිමි
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment