කඩුල්ල මුවා කීරිමේ නීතිය සංශෝධනය විය යුතු අකාරය ගැන මහේල පැහැදිලි කරයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

කඩුල්ල මුවා කීරිමේ නීතිය සංශෝධනය විය යුතු අකාරය ගැන මහේල පැහැදිලි කරයි.

ක්‍රිකට් පිටියේ විනිසුරුවන්ගේ තීරණ අභියෝගයට ලක් කිරීමේ ඩී.ආර්.එස්. ක්‍රමය සංශෝධනය කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

එ අනුව විශේෂයෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරුවෙකු දැවී යාම පිළිබඳව මෙහිදි අවධානය යොමු වී ඇත. ඩී.ආර්.එස්. ක්‍රමයට අනුව සමාන්‍යයෙන් විනිසුරු තීරණය නැවත විමසීමෙදි කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරුවෙකු දැවී ගිය බව සනාථ වීම සඳහා වීඩියෝ පටය නැවත පරීක්ෂා කරනු ලැබේ.


එහිදි පන්දුවෙන් සියයට 50 ක් වත්  කඩුල්ලේ වැදි තිබීම එම කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිරකරුවෙකු දැවී ගියා බව තීරණය කිරීමට අවශය වේ. එ අනුව එම  ක්‍රමවේදය සාධාරණ නොවන බවත් එය වෙනස් කළ යුතු බවත් පසුගිය සතියේ රැස් වූ  අයි.සී.සී ක්‍රිකට් කමිටුවවේ යෝජනාව වී ඇත. මෙම සම්බන්ධයෙන් අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය හොබවන ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන මේ සම්බන්ධයෙන් ඊයේ (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර සිටියේය.


එ අනුව පන්දුව කඩුල්ලේ සියයට 25 ක ප්‍රමාණයක ගැටෙන බව වීඩියෝ පටයෙන් තහවුරු වුවහොත් කඩුල්ල මුවා කිරීමේ වරදට ක්‍රීඩකයෙකු දැවී ගිය බව තීරණය කිරීමට ක්‍රිකට් කමිටුව යෝජනා කරන මහේල ජයවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad