හිලරී ක්ලින්ටන්ගේ ජනාධිපති සටනට ඔබාමා එක්වේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

හිලරී ක්ලින්ටන්ගේ ජනාධිපති සටනට ඔබාමා එක්වේ !

වර්තමාන ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපෙක්ෂක හිලරි ක්ලින්ටන් සහාය පළ කරමින් සිදුකරන ප්‍රකාශයක් විසින් හිලරි සිය සමාජජාල අඩවි වෙත ඉදිරිපත් කර ඇති වීඩියෝවක දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ජනාධිපති ධුරය සඳහා වඩාත් සුදුසුකම්ලාභී පුද්ගලයා හිලරි විය හැකි බව ඔබාමා පවසන අකාරයක් එම වීඩියෝවේ දැක්වේ. ඒ අනුව, ඔබාමා සහ හිලරි ඉදිරියේදී එක්ව ඡන්ද සටනට පිවිසීමට සූදානමින් සිටින බවද එම වීඩියෝවේ දැක්වෙයි.


“මේ සුවිශේෂී ගමන් මගේ ආරම්භයේ සිට අවසානය තෙක්ම මා සමග සිටි අයට මා පවසන්නේ මා ඇය සමගයි. ඇගේ ඡන්ද සටන සමග එක්වීමට මා දැන් පසුවන්නේ නොඉවසිල්ලෙන්…” යැයි ඔබාමා පවසයි. ඔබාමා සහ හිලරි 2008 වසර ඡන්ද සටනේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් තරගකළ අපේක්ෂකයන් දෙදෙනා වීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad