හීලෑ අලි ගැන දෙපිරිසකගෙන් එකම තැන දී විරෝධතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 8, 2016

හීලෑ අලි ගැන දෙපිරිසකගෙන් එකම තැන දී විරෝධතා

හීලෑ අලි ගැන දෙපිරිසකගෙන් එකම තැන දී විරෝධතා
කොළඹ මහාධිකරණය ඉදිරිපිට මේ වනවිට විරෝධතා 2ක් ක්‍රියාත්මක වේ. හීලෑ අලි සම්බන්ධ නඩු විභාග සම්බන්ධයෙන් මෙම විරෝධතා පැවැත්වෙන අතර උසාවිය ඉදිරිපිට එක් පසෙක සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතාවයේ නිරතවන බවත් තවත් පසෙක නීතීඥවරු පිරිසක් විරෝධතාවයේ නිරතවන බවත් වාර්තා වේ.

විවිධ පුද්ගලයින් නීත්‍යානුකූල බලපත්‍ර රහිතව වන අලි ළඟ තබා ගැනීම සම්බන්ධව වන ජීවී නීතිය නිවැරදිව භාවිතා වන්නේ ද යන්න පිළිබඳව සොයා බලන ලෙස  සිවිල් සංවිධාන මෙම විරෝධතාවය හරහා කියා සිටියි.

විරෝධතාවයේ නිරත නීතීඥවරුන් පිරිස කියාසිටින්නේ මේ වනවිටත් විභාග වෙමින් පවතින නඩු විභාගයක් සම්බන්ධව චෝදනා නැගීම නීතියේ නිදහසට බාධා කිරීමක් බවයි. ඒ සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේ දී හෙට (09) විභාගයට ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad