ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දඩබ්බර චරිතයක් බවට පත්ව සිටින කිත්රුවන් විතානගේ යළිත් වරක් ලෙඩක පැටලී ඇතැයි වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් “ඒ” පිලේ ඉදිරි එංගලන්ත සංචාරයට නම්කර ඇති සංචිතයට ඇතුළත් කිත්රුවන් පසුගිය දිනවල පුහුණුවීම්වලට සහභාගි නොවීම නිසාය.
ඔහු මෙසේ පුහුණුවීම්වලට එක් නොවන්නේ උණ රෝගයෙන් පෙළෙන නිසා බවට ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇතත් සත්‍ය හේතුව ඔහු පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන පහර කා රෝහල්ගත වීමට සිදුවීම පුහුණුවීම් වලට නොපැමිණීමට හේතුව බවද වාර්තා වේ.
මේ ගැටුම ඇතිකරගෙන ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ මධුවිත තොලගාමින් සිටියදී බව පැවසේ.
කිත්රුවන්ව, රෝහල්ගත කර ඇත්තේ රමිත විසින් බවද ඉතා විහ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
Wednesday, June 8, 2016
කිත්රුවන් විතානගේ යළිත් වරක් ලෙඩක පැටලීලාලු.
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment