තුන්වන ටෙස්ට් තරගයට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්දොලනාත්මක වෙන්සකම් කිහිපයක් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 8, 2016

තුන්වන ටෙස්ට් තරගයට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්දොලනාත්මක වෙන්සකම් කිහිපයක් ?

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේදී හෙට (9) ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට කුසල් ජනිත් පෙරේරා එක් කිරීමේ අදහසක් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ගෙන ඔහුට කඩුලු රැකීමේ කාර්යයද ලබා දී දිනේෂ් චන්දිමාල් විශේෂ පිතිකරුවකු ලෙස යොදා ගැනීමේ අදහසක් ඇති බව වාර්තා වේ. ඒ අනුව චන්දිමාල් අංක 04 පිතිකරු ලෙස මෙම තරගයට එක්වීමට බොහෝදුරට ඉඩ ඇති අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් මැද පෙළ ක්‍රීඩකයකු ලෙස දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන කණ්ඩායමෙන් ඉවත් වීමට ඉඩ ඇති බවද පැවසේ.


කෙසේ වුවත් කුසල් ජනිත් පෙරේරා එංගලන්තයේ හොඳින් පුහුණුවීම් කටයුතුවල නියැළෙන බවත් තහනම් උත්තේජක චෝදනාවලින් නිදොස් වීමෙන් පසුව ඔහු වඩාත් දැඩි කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල නියැළුනු බවත් වාර්තා වේ. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අත්දැකීම් ඇති ක්‍රීඩකයන් ලෙස ලහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා, දෙදෙනාට මැද පෙළට එක් කරමින් මෙම තරගයේ පිතිකරණයේ සාර්ථක ප්‍රතිඵල ලැබිමට අදහස් කර ඇති බව පැවසේ.


තවමත් චෝදනාවට පමණක් භාජනය වුණ ශාමින්ද එරංග තෙවැනි ටෙස්ට් තරගයේ ක්‍රීඩා කිරීමට බාධාවක් නැති බවත් තේරීමේදී ඔහුව සැලකිල්ලට ගනු ලබන බවත් වාර්තා වේ. චමින්ද බණ්ඩාර කණ්ඩායම හා එක්ව සිටියද ඔහුගේ අත්දැකීම් ජාතික පිලට තවමත් නොලැබිම තුළ මෙම තරගයේ ඔහුට අවකාශ ලැබේ යැයි සැක සහිතය.


කෙසේ වුවත් ශ්‍රී ලංකා පි‍ලේ ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා ද තුන්වන පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් ද සුපුරුදු පරිදි එම ස්ථානවලට ක්‍රීඩා කිරීමට නියමිත බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad